නගින්නට නොව ඉහලින් බලන්නට එන්න මේ මහමෙරට

Saturday, May 7, 2016

‍අපේ කාල‍ේ ඇත්ත

රිය අනතුර
                          ලගදි දිනයක මගේ බිරිද රිය අනතුරකට භාජනය වුණේය.ඈ පාර හරහා මාරු වෙද්දී ත්‍රී ‍රෝද රථයක වැදී දනහිස් දෙකට බරපතල ලෙස හානි විය.ගැටළුව මාර්ග නීති බිදුණේ කාගේ වරදින්ද යන්න ‍ නොවේ.රියදුරු ගේ හැසිරීම ගැනයි. මගේ බිරිද වාහනයේ වැදී බිම වැටි නැගිට ගැනීමටවත් නොහැකිව සිටින විට ක්ෂණිකව, රියදුරු එතැනට පැමිණ අවට සිටින්නන් අෑ ඔසවා ‍ රෝහල කරා ගෙන යාමට උත්සාහ කරද්දීත් මහත් වේදනාවෙන් මහ හඩින් කෑගැසුවා. ඔඹ හිතන්නේ බයටවත් දුකටවත් කියලා නේද? එහෙම වුණානම් මේක අපේ කාලේ ඇත්තක් වෙන්නේ නෑ.ඔහු  කෑ ගසා කියා ඇත්තේ මට හයර් දුවාගන්න තියෙන වෙලාවේ තමුසේලාත් හැප්පෙනවා පාරේ සිහියෙන් යන්න බැරිද කියා හා තවත් මහත් අවලාද හා අවමන් කතායි.ඒ වචන අතර ඇයට පිස්සියි යයි අමතා ඇති බව ද පසුව ආරංචි විය. ඔහුට දුක මනුස්සයෙකුගේ වේදනාව ගැන නොව රුපියල් පනහ ගැනයි.එත් ඔහු පනහ නැති කරගත්‍ෙ නෑ.ලගට ආ වසන්ත මල්ලි(ඔහුත් කුලි රථ ධාවකයෙක්) ‍මේ හයර් ගැන කියන වෙලාව ‍ නෙවේ කියා ඔහුගේ රථයෙන් රෝගියා ‍ රෝහලට ගෙන ගියා.අනතුර කල ඇත්තා පොලිසියෙන් ඇවිත් ගෙනයන කම් සුපුරුදු අපරික්ෂා වෙන්ම රථය පදවමින් සල්ලි හම්බකලා.

No comments:

Post a Comment