නගින්නට නොව ඉහලින් බලන්නට එන්න මේ මහමෙරට

Friday, May 20, 2016

වග විභාග


                                                            මේ වසා දැමු නුගලියද්ද පාසලයි.
                                              මේ පාසල වසන්න ආසන්න කාලය මට හොදට මතකයි. ඒ දවස්වල  බොහෝ ගම්වැසියන් පාසල වැසී යාම ගැන වගකීය යුතු යැයි.විදුහල් පතිතුමාට චෝදනා කළා. එතුමත් පිළිතුරු නැතිව අසරණ වෙලා හිටියේ. එත් විදුහල වැසීයාමට හේතුව ජාතික මට්ටමේ විෂමතාවයක් යැයි ගම්වැසියන් තේරුම් ගත්තේත් නෑ. ගමේ ප්‍රධානීනුන් මේ වැරදි මතය නිවැරදි කළෙත් නෑ. ඒ අය නඩත්තු කළෙත් අර වැරදී මතයමයි.


                                                                       පසැල වැසෙන්න අවුරුදු හතරක් පහක් තිස්සේ පණ ඇද්දා.මුළු පාසලේ ම දරුවන් හිටියේ තිස් ගණනක් ගුරුවරු හිටියා දහනමයක් විතර එ් අයට සිසුන් අඩුයි කියලා අඩු වැටුප් ගෙව්වේ නෑ.ජාතික ධනය එක මාසයකට මිලියනයක් විතර ඒ දරුවන් ට වියදම් කලේ මහජනතා වු අපියි.
                                                                     පාසැල වැහෙන කාලේ පංතිවල ශිෂ්‍ය සංයුතිය මෙහෙමයි එකොලහ ‍ශ්‍රේණියේ දරුවන් හතයි.දහය ශ්‍රේණියෛ් ලමුන් හයයි.අනෙක් සෑම පංතියකම සිසුන් දෙන්නයි තුන්දෙනයි.දෙකේ පංතියේ එකම සිසුවෙක්වත් නැති කාලයක් තිබුණා.(දත්ත ඉතාම ආසන්න වශයෙන් නිවැරදියි) ඒ කියන්නේ පාසල වැහෙන්න පටන් ගෙන තියෙන්නේ වීට අවුරුදු අටකට දහයකට වත් කලින් ඉදලායි.
                                                                     මේ කාලයේ එක් අවුරුද්දක ගමේ අවුරුදු පහ සම්පුර්ණ වුණු දරුවන් කොපමණ සිටීද යන්න සොයා බැලුවෙමු. ගණන දහ නවයයි.පාසලට ලැබී කිබු අයදුම් පත්ගණන බිංදුව යි. පෙරකී දරුවන් දහනවය අතරේ සමෘද්ධි ලාභි පවුල්වල දරුවන් හතරක් විතරත් සිටියා.ඒ අයත් මාසයකට රුපියල් එක්දහස් පන්සියයක් වෑන් ගාස්තු ගෙවලා නගරයේ පාසලට යවන්න තීරණය කරලා.
                                                                          දැන් එතකොට කාටද මේ පාසල පවත්වාගෙන යන්නේ? දෙමව්පියෝ දරුවෝ එවන්නේ නෑ.අධ්‍යාපන දෙපාර්තමෙන්තුව විවිධ උපායන් ‍යෙදුවා. පාසල ළදරු මිතුරු පාසලක් කළා. කුඩා දරුවන්ට ගැලපෙන විදියට භෞතික සම්පත් දියුණු කළා. හය ‍ශ්‍රේණියෙන් ඉහල දරුවන් ළග වෙනත් පාසල් වලට ඇතුල් කරගන්න උදව් කළා.ඊ ළග අවුරුද්දේත් එකම අයදුම් පතක් වත් නෑ. මේ කාලයේ අළුත් ම චෝදනාව වුණේ ළදරු මිතුරු පාසලක් කළ නිසා පාසල වැහුණා යන්නයි.එත් චෝදනා කරුවන් තෙරුම් ගත්තේ නෑ ඊ ලග අවුරුදු දෙකේදී පාසලේ සිසුන් දහතුන් දෙනෙක් ම සාමාන්‍ය පෙල විභාගය කරලා ඉවත් වන බව අළුතෙන් ඇතුල් වෙන්නේත් නැතිනම් ඉතිරි වෙන්නේ පංති එකොලහටම සිසුන් දහසයකට ආසන්න ගණනක් විතරයි. එ් අයට සාමාන්‍ය ‍පෙළ විෂය සියල්ලටම ගුරුවරුන් හා පහල හිස් පංතිවලට ගුරුවරුන් පත් කළොත් ගුරුවරු ගණන සිසුන් ගණනට වඩා වැඩියි.ඉතින් හය සිට දහය දක්වා පංති ඉවත් කිරීමෙන් විෂය දහයක් උගන්න ගුරුවරුන් වත් ජාතියට බරක් නැතිව නඩත්තු කළ හැකියි. ‍අනෙත් කාරණය පළමු පංතියේ දරුවට වෑන් ගාස්තු ඇතුල් වීම් ගාස්තු ගෙවලා නගරට යවන්න පුළුවන් නම් අනේ ඉහළ පංති වල දරුවට බස් ගාස්තු දීලා වෙනත් පාසලකට යවන්න බැරි ඇයි?
                                                                           මේ අතර ලගම නගර පාසලේ අළුතින් පළමු ශ්‍රේණියක් පටන් ගන්න ලොකු මුදලක් වියදම් කරමින් ගොඩනැගිල්ලක් හදනවා. අපට නැති දරුවෝ ඒ පාසලට කොයින්ද? මේ පාසල් වල එක් පංතිකාමරයක සිසුන් පනස් ගණන් හිර දඩුවම් විදින තැන් තියෙනවා. එහෙම වුණේ විවිධ පාසල් වල අධ්‍යාපන පහසුකම් වල විෂමතාවයක් වත් තියෙන නිසාද? (හිතන්න පටන් ගන්න) 
                                                                                එහෙම විෂම තාවයක් තියෙනවා නම් ඒක නුගලියද්ද පාසලේ විදුහල් පති තුමාගේ දොෂයක්ද නැතිනම් ජාතික ගැටලුවක් ද? මෙහෙම ගැටලුවක් තියෙනවා නම්. නුගලියද්ද විතරක් නෙවෙයි තවත් පාසල් වැහෙයි. එතකොටත් අන්තිමට හිටි විදුහල් පති තුමාලට දොස් කිය කිය ඉදිමු.එතකෙ‍ාට ජාතික ගැටලු විසදෙයි නේද?
           
                                                                 

Saturday, May 7, 2016

‍අපේ කාල‍ේ ඇත්ත

රිය අනතුර
                          ලගදි දිනයක මගේ බිරිද රිය අනතුරකට භාජනය වුණේය.ඈ පාර හරහා මාරු වෙද්දී ත්‍රී ‍රෝද රථයක වැදී දනහිස් දෙකට බරපතල ලෙස හානි විය.ගැටළුව මාර්ග නීති බිදුණේ කාගේ වරදින්ද යන්න ‍ නොවේ.රියදුරු ගේ හැසිරීම ගැනයි. මගේ බිරිද වාහනයේ වැදී බිම වැටි නැගිට ගැනීමටවත් නොහැකිව සිටින විට ක්ෂණිකව, රියදුරු එතැනට පැමිණ අවට සිටින්නන් අෑ ඔසවා ‍ රෝහල කරා ගෙන යාමට උත්සාහ කරද්දීත් මහත් වේදනාවෙන් මහ හඩින් කෑගැසුවා. ඔඹ හිතන්නේ බයටවත් දුකටවත් කියලා නේද? එහෙම වුණානම් මේක අපේ කාලේ ඇත්තක් වෙන්නේ නෑ.ඔහු  කෑ ගසා කියා ඇත්තේ මට හයර් දුවාගන්න තියෙන වෙලාවේ තමුසේලාත් හැප්පෙනවා පාරේ සිහියෙන් යන්න බැරිද කියා හා තවත් මහත් අවලාද හා අවමන් කතායි.ඒ වචන අතර ඇයට පිස්සියි යයි අමතා ඇති බව ද පසුව ආරංචි විය. ඔහුට දුක මනුස්සයෙකුගේ වේදනාව ගැන නොව රුපියල් පනහ ගැනයි.එත් ඔහු පනහ නැති කරගත්‍ෙ නෑ.ලගට ආ වසන්ත මල්ලි(ඔහුත් කුලි රථ ධාවකයෙක්) ‍මේ හයර් ගැන කියන වෙලාව ‍ නෙවේ කියා ඔහුගේ රථයෙන් රෝගියා ‍ රෝහලට ගෙන ගියා.අනතුර කල ඇත්තා පොලිසියෙන් ඇවිත් ගෙනයන කම් සුපුරුදු අපරික්ෂා වෙන්ම රථය පදවමින් සල්ලි හම්බකලා.

මගේ කලාව

                                      කවිය
මම කවියෙක් නොවෙමි.එත් තරුණ කාලේ කවි කිපයක් ලීවේමි.ඒකවි කවරදාකවත් කිසිවෙකුට පෙන්වා නැත.‍එසේ නොඉදුල් වු කවි එක එක අද සිට ඔඹට බලන්න ලියන්නම්.එත් ඒ කවි කියවා මට ආයේ අළුත් කවි ලියන්න කියන්න එපා.මක් නිසාද මේ කවිය ලියන්න මට අවුරුදු පනහක් ගතවීය.ඉතින් ඊ ලග කවිය ලියනවිට මා මිය ගොස් වසර විස්සක් වත් වේවි.

රංජනියේ මන රංජනියේ                                                                                                                                             පාට කල නිය                                                                                                                                                            කරල් දෙකට ගෙතු කොන්ඩය                                                                                                                        ...            දග කරන නෙත් යුගල                                                                                                                                              කලඹවයි මා සිත                                                                                                                                                පොලඹවයි ප්‍රේමයට                                                                                                                                   එත් ‍නොබැදෙමි නුඹ හා                                                                                                                                  අංකුරයකුදු නැති නිසා ‍                                                                                                                                                හොද මවකගේ                                                                                                                                ‍